ලංගම සහ පෞද්ගලික බස්රථවලට වෙනම QR කේතයක්

ලංගම සහ පෞද්ගලික බස්රථවලට වෙනම QR කේතයක්

ඉන්ධන අර්බුදය හමුවේ වෘත්තීය ත්‍රි රෝද රථ හිමියන් මුහුණ දෙන ගැටලු පිළිබද සාකච්ඡාවක් කංචන විජේසේකර සහ ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පොදු ප්‍රවාහන සේවයේ නිරත ලංගම සහ පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන ලබා ගැනීමට වෙනම QR කේතයක් ලබන සතිය වනවිට හදුන්වාදීම පිළිබද මෙහිදී අවධානය යොමුවුණා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනතුරු ලංගම ඩිපෝ මගින් සහ මාකුඹුර සහ බැස්ටියන් මාවත ඉන්ධන පිරවුම්හල් මගින් සිදුකිරීමට සැළසුම් කෙරුණා.

වෘත්තීය ත්‍රි රෝද රථ හිමියන් සදහා දැනට ලබාදෙන තෙල් ප්‍රමාණය ඉහළ නැංවීමට එකඟ වූ බව ත්‍රි රෝද රථ සංගම් නියෝජිතයින් මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.