ප්‍රවීන ක්‍රිකට් විනිසුරු රූඩි කර්ස්ටන් රිය අනතුරකින් ජීවිතක්ෂයට

ප්‍රවීන ක්‍රිකට් විනිසුරු රූඩි කර්ස්ටන් රිය අනතුරකින් ජීවිතක්ෂයට

ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රූඩි කර්ස්ටන් Rudi Koertzen දකුණු අප්‍රිකාවේ රිවර්ස්ඩේල් ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙනවා.

මෝටර් රථ දෙකක් මුහුණටට මුහුණ ගැටීමෙන් සිදු වූ මෙම රිය අනතුරුු හේතුවෙන් ක්‍රිකට් විනිසුරු රූඩි කර්ස්ටන් ඇතුළු තවත් තිදෙනකු මිය ගිය බවයි දකුණු අප්‍රිකානු මාධ්‍ය වාර්තා කරන්නේ.

අද (09) උදෑසන රූඩි කර්ස්ටන් මෙම අනතුරට මුහුණ දුන්නේ සති අන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කිරීමට කේප්ටවුන් නගරය බලා ගොස් ආපසු පැමිණෙමින් සිටියදී.

73 හැවිරිදි මෙම ප්‍රවීන ක්‍රිකට් විනිසුරුවරයා සහ ඔහුගේ මිතුරකු මෙම අනතුරින් මියගිය බව රූඩි කර්ස්ටන් ගේ පුත්‍ර පුත්‍රයා වන කනිෂ්ඨ රූඩි කර්ස්ටන් දකුණු අප්‍රිකානු අල්ගොආ ගුවන් විදුලි සේවය වෙත තහවුරු කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මැදහත් ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස ක්‍රීඩක, ප්‍රේක්ෂක සැමගේ ගෞරවයට පාත්‍රව සිටි රූඩි කර්ස්ටන් Rudi Koertzen මිය යන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 331ක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබුණා.

https://bit.ly/3PaPKSd