ආයුධ පෙන්වන්න ගිය පාතාල සාමාජිකයා ගල් කොරියකට වැටී මරුට

අංගොඩ ප්රාදේශීය සභා මන්ත්රී සුමුදු රුක්ෂාන් ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මිය ගොස් ඇත්තේ, ශිරාර් හෙවත් තුවාන් නමැති පුද්ගලයා බව යි වාර්තා වන්නේ.
කඩුවෙල – කොරතොට ප්රදේශයේ සඟවා තිබූ ආයුධ සොයා ගැනීමට රැගෙන ගිය අවස්ථාවේ දී ගල් කොරියකට වැටී මොහු මියගොස් ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.
ප්රබල පාතාල කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයකු බවත් වාර්තා වෙනවා.

