ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වෙනවා – නීතිඥ මනෝජ් නානායක්කාර

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වෙනවා – නීතිඥ මනෝජ් නානායක්කාර

ගාලු⁣ මුවදොර අරගල භූමියෙන් ඉවත්වන්න ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තීරණය කළ බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසයි.

මේ අතර ගාලුමුවදොර මහජන අරගලයේ රැඳී සිටින පිරිස් ඊයේ (09) දිනයේ අරගල භූමියෙන් ඉවත් වන බව අරගලයේ ක්‍රියාකාරිනියක් වන ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පැවසුවා..

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ අරගලය අවසන් නොමැති බවත් ගාලුමුවදොර අරගල භූමියෙන් පමණක් ඉවත් වන බවයි.

රටතුළ පැවති ආර්ථික අර්බුදයට විරෝධය පළ කරමින් සහ එවක ජනාධිපති ධුරය දැරූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් ඉවත් වන බල කරමින් මෙම මහජන අරගලය ආරම්භ වුණා.

මෙම මහජන අරගලය හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වුණා.

එහි ප්‍රතිපලයක් ලෙස ජුලි 14 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වුණා.