ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙන් ලංකාවට මූල්‍යමය ප්‍රදානයක්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙන් ලංකාවට මූල්‍යමය ප්‍රදානයක්

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ට හ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ඔස්ට්‍රෙලියානු ඩොලර් 45,000ක මූල්‍යය ත්‍යාගයක් ප්‍රදානය කර තිබෙනවා.

මෙම කර්තව්‍යය සඳහා ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ මුල් වී කටයුතු කළේ, සුපිරි ක්‍රීඩකයින් වන ආරොන් ෆින්ච් හා පැට් කමින්ස් විසිනුයි.

මෙම මුදල ශ්‍රී ලංකාවේ දරුවන් හා ඔවුන්ගේ පවුල් වෙත UNICEF හරහා බෙදාහැරීමටයි තීරණය කර ඇත්තේ.

පසුගිය දිනෙක නිමාවට පත් වූ ඔස්ට්‍රෙලියා – ශ්‍රී ලංකා තරඟ සංචාරයේ දියි, ඔවුන් ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට දායක වීමට අරමුදලක් එක් රැස් කිරීමට තීරණය කළේ.