ගෝල්ෆේස් තිබූ කූඩාරම් සහ එහි සිටි පිරිස් පොලීසිය මැදිහත්ව ඉවත් කෙරේ

ගාලු මුවදොර ඉතිරිව තිබූ තාවකාලි කූඩාරම් සහ එහි සිටි පිරිස් ඉවත් කර තිබෙනවා.
අද (12) දහවල් මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් එක්වයි.
පසුගිය දිනෙක අරගලකරුවන් නිවේදනය කළේ, තමන් සම්පූර්ණයෙන්ම ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත්ව යාමට කටයුතු කරන බවයි.
තම අරමුණු ඉටුවෙන තෙක් අරගලය නොනවත්වන බවත්, ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වුව ද, රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා ඉවත්ව යන තෙක් අරගලය ක්රියාත්මක කරන බවත් අරගලකරුවන් ප්රකාශ කළා.

