ඊයේ ආපු නැවෙන් ඉන්ධන ගොඩ බෑම ඇරඹේ

ඊයේ ආපු නැවෙන් ඉන්ධන ගොඩ බෑම ඇරඹේ

මෙට්‍රික් ටොන් 35,000 ක පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් ඊයේ (11) රාත්‍රියේ කොළඹ වරායට ළඟාවුණා.

නිව් ටෝල් වේ නැමති එම නෞකාවේ අඩංගු ඉන්ධන ගොඩබෑම අද ආරම්භ කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ.

මේ අතර, රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ වනවිට යම් සහනයක් ලැබී ඇති බැවින් බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලුම දිනයන් හි දී සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

මාලිගාවත්ත බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ බස්නාහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි අනුව පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග කියා සිටියේ.

COMMENTS