ගාලු මුවදොරට කාලතුවක්කුවක අනුරුවක්

ගාලු මුවදොරට කාලතුවක්කුවක අනුරුවක්

කොළඹ ගාලු මුවදොර පිටිය අසල කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

වසර කිහිපයකට පෙර තරු පන්තියේ හෝටලයක් ඉදි කිරීම සදහා සිදුකළ කැණීමකදී හමුවූ ඉංග්‍රීසි පාලන සමයට අයත් විශාලතම කාලතුවක්කුවේ අනුරුවකුයි මෙලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ.

කැනීම්වලින් පසු කාලතුවක්කුව මේ වන විට ත්‍රිකුණාමලය සමුද්‍ර කෞතුගාරයයේ තැන්පත්කර තිබෙනවා.

මෙරටින් හමුවූ විශාලම කාලතුවක්කුව එය වන බවයි පුරා විද්‍යා දෙපාරත්මෙන්තුව සදහන් කළේ.