පාර්ලිමේන්තුව රැස්වෙන වෙලාවේ වෙනසක්

පාර්ලිමේන්තුව රැස්වෙන වෙලාවේ වෙනසක්

පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා සිට පෙරවරු 9.30ට ආරම්භ කිරීමටත් දිවා විවේකය පැය භාගයකින් සීමා කර දහවල් 12.30 සිට පස්වරු 1 දක්වා පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා යළි රැස්වීමටත්, විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව විදුලි බිල්පත් ගාස්තු වැඩිකිරීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය එදින පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇති බවද මහලේකම්වරයා සඳහන් කළා.

එමෙන්ම පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 මූල්‍ය වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් නොවුණහොත් එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන අගෝස්තු 30, 31, සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල පැවැත්වීමටයි කාරක සභාවේදී තීරණය වී ඇත්තේ.

COMMENTS