පළමු කාන්තා අයි. පී. එල් තරඟාවලියක් සඳහා වැඩ පටන් අරන්

පළමු කාන්තා අයි. පී. එල් තරඟාවලියක් සඳහා වැඩ පටන් අරන්

පළමු කාන්තා අයි. පී. එල් තරඟාවලිය ලබන වසරේ පැවැත්වීමට අදාළ කටයුතු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව විදෙස් ක්‍රිඩා මාධ්‍ය තහවුරු කළා.

ඊට අදාළව ඉන්දීය ක්‍රීඩිකාවන් සඳහා ක්‍රිකට් කාලසටහන් ද වෙනස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

රාජස්ථාන් රෝයල්ස් සහ බාබඩෝස් කණ්ඩායම්වල හිමිකරුවන් දැනටමත් අයි.පී.එල් කාන්තා කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිනවා.

එසේම කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ද ඊට කැමැත්ත පළ කර ඇති බව සඳහන්.

https://es.pn/3zSfgpx