A/L- වෙන්කළ දින තුනේ ප්‍රායෝගික පරීක්ෂණ අනිවාර්යයි

2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ හෝ ලබන මස මුල් සතියේ ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පවසනවා.
විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීමට නොහැකි වූ සිසුන් සඳහා මේ මස 19, 20 සහ 21 යන දින තුන වෙන් කර ඇති බවයි.
කෙසේ වෙතත් එම දින තුන හැරෙන්නට යළිත් වරක් වෙනත් දිනයක් ඒ සඳහා ලබා නොදෙන බව ද ඔහු සඳහන් කළා.

