පෞද්ගලික බස් හෙට සිට උපරිමයෙන් ධාවනයට

පෞද්ගලික බස් හෙට සිට උපරිමයෙන් ධාවනයට

ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් පසුගිය දිනවල සීමාසහිතව ධාවනය කළ පෞද්ගලික බස් රථ හෙට (15) සිට උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන බව බස් සංගම් පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ පාසල් දින පහේම පැවැත්වීම සහ රාජ්‍ය සේවය යලි සක්‍රීය කිරීමට අවධානය යොමු කිරීමත් සමඟ මෙලෙස පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය තත්වයට පත් කිරීමට තීරණය කළ බවයි.