රජයේ සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට අවධානය

රජයේ සේවකයන් යළිත් වරක් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම සම්බන්ධයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
රට තුළ පැවති වාතාවරණයත් සමඟ රාජ්‍ය නිලධාරීන් කාර්යාලවල සේවයට කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කළා. එය අවස්ථා කිහිපයකදී දීර්ඝ කළ අතර, මේ මස 24 වනදායින් එම චක්‍රලේඛයේ වලංගු කාලසීමාව අවසන් වෙනවා.
ඉන් අනතුරුව යළි එම චක්‍රලේඛය දීර්ඝ කිරීමකින් තොරව සාමාන්‍ය පරිදි රජයේ සේවකයන් කැඳවීමටයි අවධානය යොමුව ඇත්තේ.
ඒ අනුව චක්‍රලේඛයේ වලංගු කාලය අවසන් වීමට ප්‍රථම රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවන්නේ කවර ආකාරයකට ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ කියා සිටියේ.
මේ අතර, රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට සිට සතියේ දින 5 තුළම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනු ඇති.

