ඉන්ධන මිල සංශෝධනය අද ?

මේ මාසයේ දෙවන කාර්තුව සඳහා වන ඉන්ධන මිල සංශෝධනයක් අද (15) සිදු වීමට ඉඩ තිබෙනවා.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළ ආකාරයට ලෝක වෙළඳපොලේ මිල උච්චාවචනය අනුව ඉන්ධන මිල සංශෝධනයක් සෑම මසකම 01 දින සහ 15 දින යන දෙදින තුළ, ඉන්ධන මිල සූත්‍රය අනුව සිදු කරනවා යනුවෙන් කළ දැනුම් දීමට අනුවයි.
මීට පෙර මෙම මාසයේ පළමු වැනි දින ඉන්ධන මිල සංශෝධනයක් සිදු කළ අතර එහි දී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කරනු ලැබුවා.
නමුත් එදින පෙට්‍රල්, භූමිතෙල් සහ අනෙකුත් ඩීසල් වර්ගවල මිලෙහි කිසිදු වෙනසක් සිදු කළේ නැහැ.

