ඉන්ධන කෝටාව යාවත්කාලීන කෙරේ

ජාතික ඉන්ධන අවසර පත්රය අද උදෑසන සිට මෙම සතියේ ඉන්ධන කෝටාව යාවත්කාලීන කර ඇත.
ඉන්ධන කෝටාව වෙනස් විය හැකි බවට අනුමාන කිරීම් පැවතියද, බලධාරීන් විසින් මෙම සතිය සඳහා ද එම ඉන්ධන ප්රමාණයම ලබා දීමට කටයුතු කර ඇත.
මේ අතර ඉන්ධන කෝටාව ක්රියාත්මක කිරීමත් සමඟ ඉන්ධන පිරවුම්හල්වල පැවති දිගු පෝලිම් ද අවසන් වී තිබෙනවා.

