වාර්ෂික මඩු මංගල්‍යයට බැතිමතුන් විශාල පිරිසක්

වාර්ෂික මඩු මංගල්‍යයට බැතිමතුන් විශාල පිරිසක්

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මන්නාරම රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැත්වුණා. ඒ සඳහා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරවල වාර්ෂික මංගල්‍යය පැවැත්වීමට සිදුවූයේ සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන්.