ගාලු මුවදොර ඉදිකිරීම් බැහැ – පොදු කටයුතු පමණයි

ගාලු මුවදොර භූමිය පොදු කටයුතු සදහා භාවිත කළ හැකි අතර අනවසර ඉදිකිරීම් සදහා අවසර ලබා නො දෙන බව නාගරික සංවර්ධන අධිකාරිය ප්රකාශ කළා.
එහි අධ්යක්ෂ ජනරාල් ප්රසාද් රණවීර සදහන් කළේ, අරගලය ක්රියාත්මක වූ ස්ථානයේ ලක්ෂ 25ත් 30ත් අතර වැය කර නිර්මාණය කළ තෘණ භූමියට ද මේ වන විට හානි සිදු ව ඇති බව යි.

