මිනිස්සු බිස්කට් නො කෑවොත්, කර්මාන්තශාලා වහන්න වෙනවා

මිනිස්සු බිස්කට් නො කෑවොත්,  කර්මාන්තශාලා වහන්න වෙනවා

පාරිභෝගිකයින් බිස්කට් පරිභෝජනය නතර කළහොත් සිය කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වන බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති එස්.එම්.ඩී. සූරිය කුමාර මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී ය.

“පාරිභෝගිකයෝ කෑවේ නැත්නම් ඉතින් අපිට වහන්න වෙනවා. අනිවාර්යයෙන් ම. කතා දෙකක් නැහැ. ඉස්සෙල්ලා ම අපේ රස්සාවලුත් නැතුව යයි. ඉතින් වහන්න වෙනවා. කතා දෙකක් නැහැ. හැබැයි අපි දන්නවා, අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව විශේෂයෙන් ම මේ හරහා ම කියැවෙනවා, දැන් ළමයි, බාල, මහළු සෑම සියලු දෙනාගේ ම බිස්කට් කියන්නේ ඉතා ජනප්‍රිය කෑමක්. ඔබයි මමයි දන්න කරුණක් නේ. ඔබගේ බිරිඳට හෝ මගේ බිරිඳට අද ලැවරියා එකක්, වැලි තලප කෑල්ලක් හදාගන්න වෙලාවක් නැහැ. හැලපයක් හදාගන්න වෙලාවක් නැහැ. ඒකෙත් කොස්ට් එක වැඩියි.” යනුවෙන් පැවසීය.

පසුගිය කාලයේදි රසකැවිලි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල සියයට දෙසීයකට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බව ද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.