අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලය ගොඩනැඟීම ඇරඹෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් අරගලයේ නිරත වූ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නො වන බව ගාලුමුවදොර අරගළ ක්රියාකාරිකයන් පවසනවා.
අරගලයේ ප්‍රධාන යෝජනාවක් වන මහජන කවුන්සිලය ජනතාවට තීරණ ගැනීමේ බලය සතු ව්‍යූහයක් ලෙස ගොඩ නැඟිය යුතු බවයි අරගලයේ ක්‍රියාකාරිකයකු වන ළහිරු වීරසේකර පවසන්නේ.
ඒ අනුව අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලය ගොඩනැඟීම මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු තවදුරටත් අවධාරණය කරනවා.

