ICCය 2023 – 2027 ක්‍රිකට් තරඟ කාලසටහන් එළිදක්වයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය දරණ කණ්ඩායම් 12 එළඹෙන 2023 වසරේ සිට 2027 වසර අවසානය දක්වා ක්‍රීඩා කරන තරග කාලසටහන් ප්‍රසිද්ධියට පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (17) කටයුතු කළා.
එම කාලය තුළ අදාළ කණ්ඩායම් 12 ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරග ආකෘති තුන ම ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2023-2027 අනාගත තරග සංචාර වැඩසටහන් චක්‍රය තුළ සිටින කණ්ඩායම් 12, සමස්ත ජාත්‍යන්තර තරඟ 777 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
එම සමස්ත තරග සටහන තුළට, ටෙස්ට් තරඟ 173 ක්, එක්දින තරඟ 281 ක් සහ T20 තරඟ 323 ක් අන්තර්ගත වීමට නියමිත අතර වර්තමාන තරඟ චක්‍රයෙහි ඇතුලත් තරග 694 ට සාපේක්ෂව තරග 83ක් වැඩියෙන් වැඩසටහන් ගත කර තිබෙනවා.
මෙම තරග චක්‍රයට ICC පිරිමි ලෝක ටෙස්ට් ශූරතාවලියේ මීළඟ චක්‍ර දෙකත්, බහු කණ්ඩායම් සහභාගීත්ව ICC ඉසව් සහ ද්විපාර්ශ්වික තරගාවලි මෙන් ම තුන්කොන් තරඟාවලිද ඇතුළත් වෙනවා.
2026 වසරේ දී 20යි 20 ලෝක කුසලානය ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2023-2027 කාලය තුළ ක්‍රීඩා කරන තරඟ පහත පරිදි දැක්විය හැකියි. 2023 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත තරඟ.






