කෙලී අතුරුදන්

කෙලී අතුරුදන්

ගෝල්ෆේස් විරෝධතාවයට සහාය දීම හේතුවෙන් වීසා අවලංගු කර තිබූ බ්‍රිතාන්‍ය ජාතික තරුණිය මේ වනවිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ඇයට අගෝස්තු 15 වැනිදාට පෙර රටින් පිටවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරීන් දැනුම් දී තිබූ අතර කෙසේ නමුත් මේ දක්වා ඇය රටින් පිටව ගොස් නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Kayleigh Fraser නමැති මෙම කාන්තාව ගෝල්ෆේස් විරෝධතාවයට සහාය දක්වමින් සමාජ ජාලා මාධ්‍ය හරහා අදහස් දක්වා තිබූ අතර මේ හේතුවෙන් ඇයගේ වීසා අවලංගු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබිණි. ඊට එරෙහිව ඇය අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබූ නමුත් එම පෙත්සම ඉවත දැමීමට අධිකරණය තීරණය කළේය.

මේ වනවිට ඇය සිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.