22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 09ක්

22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 09ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් 09ක් ගොණුකර තිබෙනවා.

ඒ විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකු විසින්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතීන් කඩවීමක් 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුවන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

එබැවින් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසද අදාළ පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.

COMMENTS