අන්තරේ නිසා කොළඹ උණුසුම් වෙයි – වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අන්තරේ නිසා කොළඹ උණුසුම් වෙයි – වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමනට යුනියන් පෙදෙසේදී ජල සහ කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම, බඩුමිල අඩු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ කොළඹ ලිප්ටන් වට රවුමෙන් මෙම පාගමන ආරම්භ කළා.

පසුව ඔවුන් පාගමනින් පුරහල ඔස්සේ කොම්පඤඤ්වීදිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී පොලිසිය මාර්ග බාධක යොදා ජල සහ කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

විරෝධතාවට එක්ව සිටි පිරිස යුනියන් පෙදෙසේ මාර්ග අවහිර කිරීමත් සමඟ පොලිසිය මෙලෙස ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරය එල්ලකර ඇතැයි සඳහන්.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් පුද්ගලයින් 4 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

යූනියන් පෙදෙසේ විරෝධතා පාගමන අතරතුර මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

COMMENTS