ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 25 ක ආධාරයක්

ඇමරිකානු ඩොලර් මිලියන 25ක මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ඕස්ට්‍රේලියානු රජය පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මෙම ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට යි කටයුතු කෙරෙන්නේ.
ඒ හරහා මෙරට ජනතාවට අවශ්‍ය ආහාර සහ ඖෂධ ලබාගැනීමට කටයුතු කෙරෙනවා.
මෙම මානුෂිය ආධාරයත් සමඟ ආර්ථික අර්බුදය හටගත් පසු ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව විසින් ලබා දී ඇති ආධාරවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 75 දක්වා ඉහළ යනු ඇති.

