ජැක්සන් බලන්න ජනපති රෝහලට යයි

අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගියේ ය.
ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ ඥාතීන් ද එහිදී හමු වී කතාබහ කර ඇති අතර ජැක්සන් ඇන්තනි මහතා සුවපත් කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙසද රෝහල් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිට ඇත.
ඉන් අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වී ඇති බවද සඳහන්.
දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකශ කර තිබෙනවා.



