ලෝක වෙළඳපොලේ තෙල් මිලේ සුළු ඉහළ යෑමක්

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පසුගිය දිනවල ඩොලර් 87කට පැවති ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අද (19) සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 90 යි ශත 17 ක් ලෙසයි.
ඇමරිකානු ඩොලර් 96 යි ශත 18 ක් ලෙස බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වෙනවා.

