QR ක්‍රමවේදයට පිටුපෑ පිරවුම්හල් 12 කට ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව නතර කරයි

QR ක්‍රමවේදයට පිටුපෑ පිරවුම්හල් 12 කට ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව නතර කරයි

QR ක්‍රමවේදයට අවම ලෙස දායකත්වය සැපයූ ඉන්ධන පිරවුම්හල් 12කට ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෙළඳ අංශය සමග ප්‍රගති සමාලෝචන හමුව අද සවස පැවැත්වූ අතර එහිදීයි මෙම අත්හිටුවීම සිදුකර ඇත්තේ.

මෙහිදී QR ක්‍රමවේදය භාවිතා කිරීමේදී ඉන්ධන පිරවුම්හල් කටයුතු කර ඇති ආකාරය නිරීක්ෂණය කල අතර ඒ අනුව එම ක්‍රමයට අවම ලෙස දායක වී ඇති පිරවුම්හල් 12ක පමණ ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත් හිටුවීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත ලබා දීමටත් අඛණ්ඩව නියාමන කටයුතු සිදු කිරීමටත් දන්වා සිටි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය නිර්මාණය කිරීමට දායක වූ පාර්ශව අද උදෑසන බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හමුවී තිබුණා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයට මෙම ක්‍රමවේදය නොමිලේ සංවර්ධනය කර ලබා දෙනු ලැබුවේ ICTA, සහ මිලේනියම් IT ආයතන විසින්.

අමාත්‍යවරයා කියාසිටියේ අද දින එම ආයතන සමග එම ක්‍රමවේදය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ගිවිසුම්ගත වීම සිදු කළ බවයි.