අන්තරේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 16කට ඇප

අන්තරේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 16කට ඇප

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 19 දෙනාගෙන් 16 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් අතරින් ගල්වැව සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ, හෂාන්ත ජවන්තු ගුණතිලක යන සැකකරුවන් තුන්දෙනා පසුගිය අප්‍රේල් මස 9 වනදා සිට අරගලය උද්ඝෝෂණයේ සිදුවූ සිදුවීම්වලට අදාළව විමර්ශන පැවැත්වීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලීසිය කියාසිටියේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ මාර්ග අවහිර කරමින් ඊයේ පස්වරුවේ කොළඹ දී සිදුකළ විරෝධතාවක් හේතුවෙන්.