විවාහ ලියාපදිංචියේ ඉහළ යෑමක්

විවාහ ලියාපදිංචියේ ඉහළ යෑමක්

පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට විවාහ ලියාපදිංචියේ ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

2021 වසරේදී විවාහ ලියාපදිංචිවීම් 162,628 ක් සිදුව ඇති අතර, 2020 වසරේදී සිදුව ඇති විවාහ සංඛ්‍යාව 143,061 ක් බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වැඩිම විවාහ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 18,591 ක්. කොළඹ දිස්ත්‍රික්කයේ විවාහ 17,300 ක් සිදුව ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුව ඇති විවාහ සංඛ්‍යාව 12,409 ක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අඩුම විවාහ සංඛ්‍යාවක් පසුගිය වසරේ සිදුව ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 899 ක්.

දැඩි කොරෝනා සංචරණ සීමා හේතුවෙන් 2020 වසරේ විවාහ ලියාපදිංචිය යම් තරමකට සීමා වූ අතර, ඊට සාපේක්ෂව 2021 වසරේදී විවාහ ලියාපදිංචිය ඉහළ යෑමට සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවක් වී ඇති බව සඳහන්.