ඩේල් ස්ටේන්ට පමණක් දෙවෙනි වූ රබාඩා

ඩේල් ස්ටේන්ට පමණක් දෙවෙනි වූ රබාඩා

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පන්දු බල ඇණියේ වේග පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරන ජාත්‍යන්තර ටෙස්ට් තරඟ පිටියේ දී අඩු පන්දු ප්‍රමාණයකදී කඩුලු 250 සීමාව පසු කළ දෙවැනි ක්‍රීඩකයා බවට පත් වීමට කගිසෝ රබාඩා (Kagiso Rabada) සමත් වී තිබෙනවා.

ඒ මේ දිනවල (18) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයට එක්වෙමින්.

දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 12ක ඉනිමක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රබාඩා විසින් බිඳ දැමූ කඩුලු 05ත් සමග ඔහු ටෙස්ට් කඩුලු 250 සීමාව අඩු පන්දු සංඛ්‍යාවක දී ලබාගත් ක්‍රීඩක ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වූයේ, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක වේග පන්දු යවන්නෙකු වන ඩේල් ස්ටේන්ට පමණක් දෙවෙනි වෙමින්.

ඩේල් ස්ටේන් සිය කඩුලු 250 සීමාවට පැමිණියේ පන්දු 9,927ක දී වන අතර, 27 හැවිරිදි රබාඩා සිය කඩුලු 250 සීමාවට පැමිණියේ පන්දු 10,065ක් පමණක් වැය කරමින්.

රබාඩා විසින් ටෙස්ට් පිටියක දී දවාගෙන ඇති හොඳම කඩුලු අතර, ටෙස්ට් කඩුලු 10ම බිඳ දැමූ අවස්ථා 04ක්, කඩුලු 05ක් ගත් අවස්ථා 12ක් සහ කඩුලු 04ක් ගත් අවස්ථා 11කින් ද සිය කඩුලු ලබා ගැනීමේ සටහන වර්ණවත් කරගෙන තිබෙනවා.

ටෙස්ට් තරග 53කට හා ඉනිම් 171කට ක්‍රීඩා කර ඇති රබාඩාගේ පන්දු යැවීමේ රඳවාගත් සාමාන්‍ය අගය 22.10ක්.

ඩේල් ස්ටේන්ගේ පන්දු යැවීමේ සාමාන්‍ය අගය 22.95ක් වන අතර, ඔහු කඩුලු 10ම තමන් සතු කරගත් අවස්ථා 05ක් ඇති අතර, අවස්ථා 26ක් කඩුලු 05ක් ලබාගත් අවස්ථා ලෙස ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සටහන්ව තිබෙනවා.

ඩේල් ස්ටේන් ටෙස්ට් තරග 93ක් ක්‍රීඩා කර ඇති අතර, කඩුලු 04ක් දවාගත් අවස්ථා 27ක් ද ඔහු සතු වෙනවා.

දකුණත් පන්දු යවන්නෙකු වන රබාඩාගෙන් පසුව ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු බිඳ දැමීමේ ලැයිස්තුවේ අඩු පන්දු සංඛ්‍යාවකදී කඩුලු 250 සීමාව පසු කළ ක්‍රීඩකයින් ලෙස පිළිවෙළින් පාකිස්ථානු කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන වකාර් ‍යුනිස් (පන්දු 10,170), දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් (11,559) හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු වේග පන්දු ක්‍රීඩක මැල්කම් මාර්ෂල් ඊට ඇතුළත් වනවා.

https://es.pn/3T7PINZ