අවුරුදු 2 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රට රැකියාවලට යන්න අවසර නැහැ

අවුරුදු 2 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රට රැකියාවලට යන්න අවසර නැහැ

අවුරුදු 2 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යොමුවීමට අවසරය ලබානොදීමට අදාල චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන් ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාදීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීතිය සංශෝධනය කිරීමට පසුගිය ජුනි 27 වනදා කැබිනට් අනුමැතිය හිමිවුණා.

ඒ අනුවයි, නව සංශෝධනවලට අනුව අවුරුදු 2 අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ ගතවීමට අවසර ලබානොදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත්තේ.

එමෙන්ම, අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන් සිටින මව්වරුන් විදෙස් ගතවීමේදී එම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ අධ්‍යාපනය සැලසීමට ගෙන ඇති පියවර පිලිබඳව දිවුරුම් ප්‍රකාශයක් ග්‍රාම නිලධාරිවරයාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදිය යුතු බවයි නව චක්‍රලේඛයේ ඇතුළත් වන්නේ.

අදාළ චක්‍රලේඛය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක බවයි විදෙස් සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.