“ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශීයකරණයට” එරෙහිව වෘත්තීය සමිති හෙට පාරට

“ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශීයකරණයට” එරෙහිව හෙට (22) දිනයේදී උද්ඝෝෂණයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට පැවැත්වීමට නියමිතය.
මෙම උද්ඝෝෂණය ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත්තේ, ඛනිජ තෙල් සහ විදුලි බල යන ක්ෂේත්‍ර දෙක ම ප්‍රතිසංස්කරණය කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරන බවය.
සියලු ම වෘත්තීය සමිති හමු වී යෝජිත ප්‍රතිසංස්කරණ සහ එහි වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරට ත් එහි සඳහන් කර ඇත.
ඔහු සඳහන් කළේ, සියලු ම වෘත්තීය සමිති හමුවී යෝජිත ප්‍රතිසංස්කරණ සහ එහි වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ බවය.

