දිනේෂ් මුතුගලගේ තත්ත්වය බරපතල නෑ

දිනේෂ් මුතුගලගේ තත්ත්වය බරපතල නෑ

මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල පිවිසුම ආසන්නයේදී අනතුරට ලක්වූ ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගලගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔහු ඇතුලු සිව්දෙනෙකු ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව තිබුණේ අද අලුයම 2.30 ට පමණයි.

ඒ මෝටර් රථය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ගමන් ගත් බවුසර් රථයක ගැටීමෙන්.