සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමු කිරීමේ ජාවාරම්කරුවන්ට හසු වෙන්න එපා

සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමු කිරීමේ ජාවාරම්කරුවන්ට හසු වෙන්න එපා

සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමු කිරීමේ ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙනවා.

අතරමැදි තැරැව්කරුවන්ට හසු වී සංචාරක වීසා මගින් රැකියා සඳහා විදෙස්ගත වන්නන් මිනිස් වෙළඳාමේ නිරත ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවන බවයි එම කාර්යාංශය පෙන්වා දෙන්නේ.

විචිත්‍ර සිහින ලොවක් මවන ජාවාරම්කරුවන්ගේ ගොදුරුක් වී අපයෝජනයන්ට අතවරයන්ට මෙන්ම පීඩාවන්ට ලක්වී ජීවිතය අඳුරු කර නොගන්නා ලෙසට එම කාර්යාංශය ඉල්ලා සිටිනවා.

විදේශ රැකියා සඳහා යොමු වීමේදී රැකියාවේ සහ පවුලේ සාමාජිකයන්ගේ සුරක්ෂිතභාවය වැදගත් වන බැවින් කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගෙන විදෙස්ගතවන ලෙසටයි ඔවුන් දැනුම් දෙන්නේ.

මේ අතර සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කියාසිටියේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ රැකියාව මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සහතික කිරිම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

එබැවින් සංචාරක වීසා මගින් නීති විරෝධී ලෙස රැකියා සඳහා විදෙස්ගත නොවන ලෙසටයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.