සරසවි සිසුවියක් උතුවන්කන්දෙන් ඇද වැටී මරුට

සරසවි සිසුවියක් උතුවන්කන්දෙන් ඇද වැටී මරුට

මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ පර්යේෂණ චාරිකාවකට ගිය සරසවි සිසුවියක් උතුවන්කන්ද ගලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස අද දහවල් ගලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

ඇය ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් වන අතර තවත් සිසු සිසුවියන් කණ්ඩායමක් සමඟයි මෙම පර්යේෂණ චාරිකාවට එක්වී ඇත්තේ.

සිසුවියගේ දේහය මේ වනවිට මාවනැල්ල මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.