පොලිසියේ හතරකගේ වැඩ තහනම්

පොලිසියේ හතරකගේ වැඩ තහනම්

ත්‍රී රෝද රථයකින් පැමිණ කොට්ටාව ප්‍රදේශයේදී තරුණයකුගේ ගෙල බැඳි රන් මාලයක් සහ ජංගම දුරකථනයක් කොල්ල කෑමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් මාළඹේ පොලිසියේ නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙලෙස වැඩ තහනමක ලක්ව ඇත්තේ සැරයන්වරයකු,පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.