ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂණ පනත නමින් නව පනතක් කෙටුම්පත් කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

අද ( 23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

ඒ අනුව, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් එම පනත කෙටුම්පත් කරනු ලැබ ඇතැයි දැනුම් දුන් බව ගුණවර්ධන මහතා පැවසීය.

එම පනත් කෙටුම්පත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS