පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි යථා තත්ත්වයට

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සීමා කෙරුණු අධ්‍යයන කටයුතු යළි යථා තත්ත්වයට පත් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පවසනවා.
එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් සඳහන් කළේ, සැප්තැම්බර් මස විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබුණ ද මේ වනවිට විශ්වවිද්‍යාලය තුල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව යි.
ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලු ම පීඨවල දේශන සඳහා සිසුන් මේ වනවිට සහභාගි වන බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු වාර්ෂික උපාධි ප්රදානෝත්සවය ද මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත යි.

