විදෙස් මුදල් ළග ඇතනම් බැංකු ගත කරන්න පොදු සමා කාලයක්

විදෙස් මුදල් ළග ඇතනම් බැංකු ගත කරන්න පොදු සමා කාලයක්

විදේශ නේවාසිකයන්, විදේශිකයන් , සංචාරක මගපෙන්වන්නම් හෝ ලාංකීය පුද්ගලයන් සතුව විදේශ මුදල් ඇත්නම් පොදු සමා කාලයක් යටතේ බැංකු ගත කිරීමට 2022 සැප්තැම්බර් මස 15 දක්වා හැකියාව පවතින බව කැබිනට් මණ්ඩල රැස්වීමේදි තීරණය කර තිබෙනවා.

එහිදි ප්‍රශ්න කිරීමකින් තොරව ඩොලර් 12000ට වැඩි මුදලක් වුවද එලෙස තැම්පත් කිරීමට හෝ වාණිජ ගිණුම් ඇරඹීමට ඉඩ පවතින බව වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ බව අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුම් දුන්නා.

COMMENTS