සනත් කනස්සල්ලෙන්

විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදී නීති යටතේ ඇතැමුන් රඳවා තබා ගැනීම දැඩි කනස්සල්ලට කරුණක් බව හිිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසයි.
රට කෙමෙන් කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටි බවත් ආපස්සට නොව ඉදිරිය බලා සිටිය යුතු කාලයක් බවත් ඔහු සිය ට්විිටර් ගිණුමෙන් පවසයි.
වැරදිකිරීමට සමාව දීම මනුෂ්‍යත්වය බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.


