අරගලේ අය හොයන්න මහන්සි වෙන්න එපා, නම් ලිස්ට් එක දෙන්න අපි ගෙනත් දෙන්නම්

අරගලයට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිටට පොලිස් නිලධාරීන් යොදවා බියගැන්වීම් සිදු නොකරන ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසනවා. එසේ නොකර අරගලයට සම්බන්ධ එහෙත් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අය සිටින්නේනම් ඔවුන්ගේ නම් ලබා දුනහොත් එම පිරිස භාරදීමට හැකියාව පවතින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
නඩු කිහිපයකට සහභාගී වීම සඳහා කොළඹ කොටුව අධිකරණ භූමීයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එසේම පසුගිය මස 13වන දින කොටුව ජනාධිපති කාර්යාලයේ පඩිපෙළ මත සිට ජනතාව ඇමතු කථිකයන් පිරිසක් ද මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි නීතිඥවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

