බිත්තර හිඟ වෙද්දී කුකුල් මස් මිල පහළට

වෙළදපලේ කුකුළු මස් මිල පහල යාමක් සහ බිත්තර හිඟයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ආර්.එම්.රත්නායක සඳහන් කළේ බිත්තර පාලන මිලේ ගැටළුව හේතුවෙන් බිත්තර නිෂ්පාදනය කරන ගොවින්ට කිකිලියන් අලෙවි කිරීමට සිදුව ඇති බවයි.
මේ හේතුවෙන් වෙළදපලේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 700ක් දක්වා පහත බැස ඇති බවයි ඔහු කියා සිටියේ.
වෙළදපලේ බිත්තර විවිධ මිල ගණන් යටතේ පැවතීම හේතුවෙන් රජය විසින් බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගෙන් එල්ල වුයේ දැඩි විරෝධයක් වන අතර වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමඟ ඔවුන් සාකච්ජාවකද නිරත වුණා.
එහි දී යම් එකගතාවන්ට පැමිණියද රජය නියම කල පාලන මිලට වෙළදපොලේ බිත්තර අලෙවි නොවන බවටයි පාරිභෝගිකයින් චෝදනා කළේ.
මේ අතර, ඉන්ධන අර්බුදය ඇතුළු තවත් ගැටලු කිහිපයක් හේතුවෙන් මත්ස්‍ය මිල ඉහල ගොස් තිබෙනවා

