සනත්, මිලාන් සහ ඩෑන්ගේ ජංගම දුරකථන CID භාරයට ගන්නැයි අධිකරණයෙන් නියෝග

ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ ඩෑන් ප්රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
එහිදී කොළඹ කොටුව මහේස්ත්රාත් තිළණ ගමගේ මහතා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ජංගම දුරකථන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසය.
දුරකථන භාරදීමෙන් පසුව අදාළ සැකකරුවන් මුදාහරිණ ලෙස මහේස්ත්රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝගකර ඇත.

