ඉන්ධන බෙදා හැරීම සීමා වෙයි – හෙට සිට බස් ධාවනයත් අඩු වෙන ලකුණු

ඉන්ධන බෙදා හැරීම සීමා වෙයි – හෙට සිට බස් ධාවනයත් අඩු වෙන ලකුණු

මුතුරාජවෙල පර්යන්තයෙන් ඉන්ධන පිරවුම්හල් සහ කර්මාන්තශාලා වෙත ඩීසල් සහ පෙට්‍රල් බෙදා හැරීම මේ වන විට නවතා ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා පවසනවා.

එමෙන්ම, කොලොන්නාව පර්යන්තයෙන් ද ඉන්ධන නිකුත් කිරීම මේ වනවිට සීමා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

හෙට සිට බස් රථ ධාවනය සියයට 50 දක්වා අඩු කිරීමට සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

COMMENTS