බිත්තර මිල යළි වෙනස් වෙයි

බිත්තර මිල යළි වෙනස් වෙයි

බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට අවස්ථාව ලබා දීමට වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

වෙළෙඳ අමාත්‍යවරයා ඊයේ (24) හමුවීමෙන් පසු මාධ්‍යය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සම ලේකම් දුමිෂ්ක සුබසිංහ මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, මේ වන විට ගොවීන් කිකිළියන් මසට විකිණීම ආරම්භ කර ඇති බව ය.

මේ හේතුවෙන් වෙළදපලේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 700ක් දක්වා පහත බැස ඇති බවයි ඔහු කියා සිටියේ.

වෙළදපලේ බිත්තර විවිධ මිල ගණන් යටතේ පැවතීම හේතුවෙන් රජය විසින් බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගෙන් එල්ල වුයේ දැඩි විරෝධයක් වන අතර වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමඟ ඔවුන් සාකච්ජාවකද නිරත වුණා.

එහි දී යම් එකගතාවන්ට පැමිණියද රජය නියම කල පාලන මිලට වෙළදපොලේ බිත්තර අලෙවි නොවන බවටයි පාරිභෝගිකයින් චෝදනා කළේ.

COMMENTS