ලංකාව කටාරයෙන් ඉන්ධන ඉල්ලයි

ලංකාව කටාරයෙන් ඉන්ධන ඉල්ලයි

මේ වනවිට පවතින ඩීසල් හිගය හේතුවෙන් යළි ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් අද (26) දිනයේ දී බස්රථ ධාවනයද සියයට 50ක ප්‍රමාණයක් ධාවනය වූ බවයි බස් සංගම් සදහන් කළේ.

දින තුනක සිට පෞද්ගලික බස් රථ ලංගම ඩිපෝ ඉදිරිපිට පෝලිම්වල රැදී සිටිනවා.

ශ්‍රී ලංගම ඩිපෝවල පවතින ඩීසල් හිඟයත් සමඟ ශ්‍රී ලංගම බස් රථ ධාවනයද හෙට දිනයේ සිට අඩාල වන බවයි තලංගම ශ්‍රී ලංගම ඩිපෝ කළමනාකරු ටී. අජිත් පෙරේරා කියා සිටියේ.

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතුන හොත් බස් රථ ධාවනය අඩාල වන බවයි බස් සංගම් සඳහන් කලේ

පවතින ඉන්ධන ගැටලුවලට විසඳුම් ලෙස කටාර් රාජ්‍යය සමඟ ගිවිසුම්ගතව ඉදිරියේ දී මෙරටට ඉන්ධන ගෙන්වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවයි පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සඳහන් කළේ.