ආසියානු කුසලානය සොයා සිංහයන් අද තරඟ බිමට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වනවා.
තරගාවලිය ආරම්භ කරමින් අද රාත්‍රී 7.30ට ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව තරග වදින්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟයි.
මෙම තරඟය ඩුබායිහි දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබු 15 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යද්දී,ඊට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.
එළඹෙන ලෝක කුසලාන පන්දුවාර 20 තරඟාවලිය සඳහා ආසියානු ක්‍රිකට් බලවතුන්ගේ පෙර සූදානමක් ලෙසින් පන්දුවාර 20 තරඟාවලියක් ලෙසින් දින 16ක් පුරා ඩුබායිහි දී ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන්.
එම කණ්ඩායම් 6 මුලික වටයේදී A සහ B ලෙස කාණ්ඩ දෙකකින් තරඟ බිමට පිවිසෙනවා.
තරඟාවලිය සඳහා එක්වන ඉන්දු – පාකිස්ථාන මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ද සිය පුහුණුවීම් සඳහා ද එක්ව සිටියා.
එහිදී කණ්ඩායම්වල ක්‍රීඩකයින් අනෙකුත් කණ්ඩායම්වල සහෘද ක්‍රීඩකයින් සමඟ සතුටු සාමිච්චියේ නිරත වූ අයුරුත් දැක ගන්නට ලැබුණා.
ඒ අතර සිටි ඉන්දු – පාකිස්ථාන ක්‍රීඩකයින්ගේ හමුව මෙහිදී බොහෝදෙනාගේ අවධානය දිනා ගත්තා

