පත්තිරු, උප්පැන්න, ඔප්පු කොපි මිලත් ඉහළට

පත්තිරු, උප්පැන්න, ඔප්පු කොපි මිලත් ඉහළට

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන පත්තිරු, ඔප්පු කොපි, උප්පැන්න කොපි ඇතුළු ලිපි ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට එම දෙපාර්තමේන්තුව සූදානම් වේ.

විදුලි ගාස්තු ඉහළ යෑම, ලිපිද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම ඇතුළු සියලු වියදම් ඉහළ යෑම නිසා දෙපාර්තමේන්තුවට දැරීමට නොහැකි අයුරින් වියදම් ඉහළ ගොස් ඇති බවත් එය යම් මට්ටමකින් හෝ පියවා ගැනීමට මෙලෙස ලිපි ලේඛන වල මිල ඉහළ දැමීමට අවධානය යොමුකර ඇති බව වාර්තා වෙනවා.

දැනට ඉඩම් පත්තිරුවක් රුපියල් 120කට, උප්පැන්න සහතිකයක් රුපියල් 100ක් වැනි මිලකට දෙපාර්තමේන්තුව සාමාන්‍ය සේවාව යටතේ ලබාදීම් සිදුකරන බවත් එම මිල ගණන්වල වෙනසක් පළමුව සිදුකරන බවත් ඉන් අනතුරුව එක්දින සේවාව යටතේ ලබාදෙන සේවාවන් වල මිල ඉහළ දමනවාද යන්න ගැන අවසන් එකඟතාවයකට පැමිණෙන බව උසස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේය.