ශ්රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට කඩුලු 08ක ජයක්

ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් ශ්රී ලංකා පිල පරාජය කරමින් කඩුලු 08ක ජයග්රහණයක් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පැමිණි ශ්රී ලංකා කණ්ඩයම පන්දු ඕවර 19.4ක් තුලදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණී.
එහිදී ශ්රී ලංකා පිල වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 38ක්, චාමික කරුණාරත්න ලකුණු 31ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 17ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන පිලේ ස්ෆ්ලාක් ෆාරුකි ලකුණු 11කට කඩුලු 03ක් දවා ගනු ලැබූ අතර මොහොමඩ් නබි සහ මුජිබ් අර් – රෙහෙමාන් කඩුලු 02 බැගින් දවා ගනු ලැබීය.
ලකුණු 106 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් සිය ඉනිමේ තවත් පන්දු 59ක් ඉතිරිව තිබියදී තරඟය ජයග්රාහණය කරනු ලැබුවේ කඩුලු දෙකක් පමණ අහිමිකර ගනිමිනි.

