ඉදිරියේදී ෆෝන් එකකට බැටරියක්වත් ගන්න බැරි වෙන ලකුණු

ඉදිරියේදී ෆෝන් එකකට බැටරියක්වත් ගන්න බැරි වෙන ලකුණු

ජංගම දුරකථන බැටරි සහ උපාංග ආනයනය තහනම් කිරීමට රජය එක රැයින් ගත් තීන්දුව හේතුවෙන් එම කර්මාන්තය දැඩි අනතුරකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා පවසයි

අද (29) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙම ආනයන තහනම් කිරීම තුළ ඉදිරියේදී රට තුළ ඒවායෙහි විශාල හිඟයක් මෙන්ම කළු කඩ මිලක් ඇති විය හැකි බවයි සෙනරත් මහතා සඳහන් කළේ.

“මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ කියනවා ඉදිරියේදී දුරකථන ගෙන්වීමත් සීමා කරනවා කියලා, ඒ නිසා තියෙන දුරකථනය රෙපයාර් කරලා පාවිච්චි කරන්න කියලා. ඉතින් රෙපයාර් කරලා ගන්නත් බැටරි එකක් ගන්න තැනක් නෑ, ලංකාවේ බැටරියක් නිපදවන් නැති නිසා, බැටරියක් ගෙන්වන්නත් අවසර දෙන් නැත්නම් අපි කොහොමද මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරන්නේ ?.” යනුවෙන් ඔහු මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළා

මේ වන විට අලුතෙන් ජංගම දුරකථන අලෙවිය 80%කින් පමණ අඩුවී තිබෙන අතර උපාංග ඉල්ලුම 118%කින් පමණ වැඩි වී ඇති බව සඳහන්.

එහෙත් මෙම වැඩි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය නොහැකි තත්ත්වයක් පවතින බව සමිත් සෙනරත් මහතා සඳහන් කළේය.

මෙවැනි පසුබිමක සිදුවන්නේ කළු කඩ නිර්මාණය වීම බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.